2023 ඔක්‍තෝබර් 11, ප.ව. 6:50
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් අද (11) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේදී සිදුව ඇති මෙම හමුවේදී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන නව ද්විපාර්ශ්වික ගිවිසුම් තුනකට ද අත්සන් තබා ඇත.
ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් දිවයිනට පැමිණ සිටියි.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව පැවසුවා.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17