hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 19, පෙ.ව. 12:20



ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකු සේවකයින් ගේ වැටුප් තීරණය කිරීමේ බලය බැංකු පනතින්ම මහ  බැංකුවට ලැබී  තිබෙන බවද මහ බැංකු වැටුප් සම්බන්ධයෙන් රජය  තීරණ නොගන්නා බවද වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පනත ප්‍රකාරව මහ බැංකු සේවකයින් ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමක් සිදු කරගෙන තිබෙන බවත් මහ බැංකුව වැනි මෙරට ආර්ථිකයේ තීරණාත්මක ආයතනයක විශේෂඥ දැනුම ඇති සුවිශේෂි පුද්ගලයින් සිටිය යුතු බව අප අමතක නොකළ යුතු බවත් ඒ මහතා සඳහන් කළා.

ලෝකයේ සෑම මහ බැංකුවක්ම විශේෂිත පුද්ගලයින් ගෙන් විශේෂිත වූ ශ්‍රමයක් ලබා ගන්නා බැවින් ඔවුන් ට ඉහළ වැටුප් ලබා දෙන බවද හෙතෙම අවධාරණය කර සිටියා.

ටැලන්ට් හබ් ආයතනයේ හෙමෙයවීමෙන් මහනුවර රෝයල් කැන්ඩියන් හෝටලයේ දී ඊයේ (18) පැවැති ටැලන්ටි ෂෝ 2024 නිරමාණ දැක්ම හා සම්මාන ප්රදානෝත්සවයේ  සමාරම්භක අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවා.

මහ බැංකුවට අති විශේෂිත වූ පුද්ගලයින් නොගත් විට සිදුවන විනාශය පසුගිය කාලයේ අප අතිවිඳි බව ද සියඹලාපිටිය මහතා සඳහන් කළා.

මේ වනවිට උගත් දැනුම ඇති විශේෂිත පිරිස් රට හැර යන බවට චෝදනා එල්ල වන බවත් මේ නිසා එවැනි පිරිස් රට තුළ රඳවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබෙන බවත් කී ඒ මහතා ජනතාව බදු බරින් පීඩා විඳිත් දී මහ බැංකුවේ පිරිස් වැටුප් වැඩිකර ගැනීම අසාධාරණ බව ප්රකාශ කරත් දී  සෑම කාරණයක් තුළම දෙපැත්තක් තිබෙන බව ද  අමතක නොකළ යුතු යැයි පැවසුවා.

මහ බැංකුවේ සිටින ජත්යන්තර වශයෙන් පිළිගත් පුද්ගලයින් අප රැක ගත යුතුව ඇතැයිද ඒ මහතා කියා සිටියා.

රාජසන කතාවේ දී මුදල් අමාත්‍යංශය මගින් ජනපතිවරයාට වැරදි දත්ත ලබාදුන් බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් මේ වනවිට වාර්තාවක් සකස් කරගෙන යන බවත් එය ඉදිරියේ දී ජනපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළා.

විශේෂඥ වෛද්‍ය ජෙසී අබ්බාස්, ටැලන්ට් හබ් නිර්මාතෘ අධ්‍යක්ෂ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය වස්ලියා රමීස් යන මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: