hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 10, ප.ව. 7:03



2023 මැයි 17 සිට අගෝස්තු 26 දක්වා කැබිනට් කාර්යාලය ඇතුළුව “gov.lk” විද්‍යුත් තැපැල් වසම භාවිත කරන සියලුම රජයේ කාර්යාලවල දැවැන්ත මෘදුකාංග ප්‍රහාරයකින් පසු දත්ත නැති වී ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) තහවුරු කර ඇත.

මෙම ප්‍රහාරයට අදාළ වෛරසය විද්‍යුත් තැපැල් ලිපින 5000කට පමණ බලපෑ හැකි බව ICTA ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් අදාළ මෙම කාලයට අදාළ දත්ත අහිමිවීමේ අවදානමක් පවතින බවද ඔහු පවසයි.

කැබිනට් කාර්යාලය ලංකා රජයේ ජාලයේ (LGN) ආයතන අතර වෙනවා.

එය [email protected] විද්‍යුත් තැපැල් වසම භාවිත කරයි.

ප්‍රහාරයෙන් පසුව, ICTA විසින් දෛනික නොබැඳි උපස්ථය(daily offline backup) ආරම්භ කිරීමට සහ වෛරස් ප්‍රහාරවලට එරෙහිව වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් ඇති නවතම අනුවාදයට අදාළ යෙදුම උත්ශ්‍රේණි කිරීමට(upgrade) පියවර ගනිමින් සිටී.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ICTA සමඟ සමීපව කටයුතු කරමින් නැතිවූ දත්ත නැවත ලබා ගැනීමට උත්සාහ කරන බව මහේෂ් පෙරේරා වැඩිදුරටත් සඳහන් කරයි.

 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා පළ කළේ මෙවන් අදහසක්.

“අපේ ICT ආයතනයෙන් ඊමේල් පහසුකම ලබාදීලා තියෙනවා රජයේ ආයතන කිහිපයකට. මධ්‍යම ඊමේල් පහසුකම් නැති ආයතන කිහිපයකට. ඒ පද්ධතිය 2007 වසරේ ඉඳලා අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. 2013 වසරේ ස්ථාපනය කරන්න යෙදුන ඊමේල් පද්ධතිය මේ වනවිට කල් ඉකුත් වු තත්ත්වයක් තමා වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පද්ධතිය විවිධ වූ සිකියුරිටි ඇටෑක්වලට පත්වෙලා තියෙනවා. ඒ අනුව ඇටෑක් එකක් ඇවිත් තියෙනවා අගෝස්තු 26 වනදා ඒ සමගම ඒ පද්ධතිය භාවිතයට ගතහැකි තත්ත්වයෙන් ඉවත්වෙලා තියෙනවා. 2014 පස්සේ මේ වෙනකල් යාවත්කාලින කිරීමක් කරලා නෑ. 2021 සහ 2022 උත්සාහ කරලා තියෙනවා යාවත්කාලීන කරන්න. නමුත් ඒකට හැකියාවක් ලැබිලා නෑ. දැනට ICT ආයතනය ඉදිරියේදී මෙවැන්නක් සිදුනොවෙන්න අවශ්‍ය යාවත්කාලීන කටයුතු හා පරිපාලන කටයුතු ශක්තිමත්ව කරගෙන යනවා.”