hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 9:17



හැටන් ඇතුළු වතු ආශ්‍රිත නගර වල කීරි සම්බා සහල් හිගයක් පවතින නිසා ආපනශාලා හිමියන් දැඩි අසිරුතාවයට පත් වී තිබෙනවා.

පවතින කීරි සම්බා සහල් හිඟයක් සමඟ කීරි සම්බා සහල් තොග තබාගෙන සිටින ඇතැම් ව්‍යාපාරිකයන් කීරි සම්බා පාලන මිල වන රු.260 ඉක්මවා රු.300-325 අතර විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවයි ආපනශාලා හිමියන් කියා සිටින්නේ.

හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවල සහල් අලෙවි කරන වෙලෙන්දුන් කියා සිටින්නේ නාඩු , රතු සහ සම්බා සහල්ද සහල් මෝල් හිමියන් විසින් උපරිම සිල්ලර මිලට ආසන්න තොග මිලකට සහල් තොග නිකුත් කරන නිසා සහල් අලෙවියෙන් තමන්ට විශාල ලාභ ප්‍රතිශතයක් නොමැති බවයි.

සහල් මෝල් හිමියන් විසින් කීරි සම්බා කිලෝවක් රු 298-300 වැනි තොග මිලකට ඉතා සිමිත කීරි සම්බා සහල් තොග ප්‍රමාණයක් වෙලදපොලට නිකුත් කරන නිසා වෙලදපොලේ කීරි සම්බා හිගයක් පවතින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: