hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 10, පෙ.ව. 11:41



අප්‍රේල් සහ මැයි මාස සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් ලබාදීමේ වැඩසටහන ලබන 21 වැනිදා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව පවුල් ලක්ෂ 27ක් සඳහා මෙම සහල් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවයි දෙමටගොඩ ප්‍රදේශයේ පැවති විවෘත කිරීමේ උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ

මෙම සහනාධාරය ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් අඩකට වැඩි ප්‍රමාණයකට හිමිවනු ඇති බව සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නා.

මේ අතර ලබන වසර වන විට රටේ ආර්ථිකය යහපත් අතට හැරෙන්නේ නම් වාහන ආනයනය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි බව ද එහිදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියා.

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ද එහිදී අදහස් පළකල මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සඳහා රුපියල් බිලියන 13ක් අතිරේකව ගෙවා ඇති බවයි.

ඒ අනුව අප්‍රේල් මාසය සඳහා රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 107ක් ගෙවා ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: