hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 25, ප.ව. 3:56



මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු පිරිසක් පසුගියදා රජයේ සහතික මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇති වූයේ ආන්දෝලනාත්මක තත්වයක්.

ඊට ගොවි සංවිධාන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සමුළුව මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.

“නින්දෙන් අවදි වුණා වගේ මේ මෝල් හිමියන් එකපාරටම නැගිටලා මේ හාල් මිල පාලනය කරන්න , පාලන මිලට දෙන්නෙ කියලා ඊයේ සද්දේ දාලා ඒගොල්ලන්ගෙ සංදර්ශනය පෙන්වන කොට දැන් අපේ අයත් හිතනවා ඇති දැන් අපිට අඩු මිලට අපේ රටේ හාල් කන්න පුළුවන් කියලා. රටේ ආහාර හිඟයක් එනවා. ආහාර හිඟය එනකොට මේගොල්ලෝ ඉක්මනට කඩිමුඩියේ කියනවා හාල් දෙන්න ඕනේ මේ ගානට කියලා. දෙන්නේ නැත්තං එයා තද තීරණයක් ගන්නවා කියනවා. රුපියල් 160ට නාඩු තිබ්බා පහුගිය දවස්වල. ඩඩ්ලි සිරිසේන මහත්තයගෙ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ අද වෙනකොට 120යි, 125යි වෙළදපොළේ. මේ එන්නේ මොකටද උතුරු නැගෙනහිර ගොයම් කැපෙනවා. අනුරාධපුර, පොළොන්නරු දිස්ත්‍රික්කවල තව මාස දෙකක් යනකොට අස්වැන්න එනවා. අස්වැන්න එනකොට නැවත වතාවක් අර අඩු මිලට වී ටික අරගෙන ගබඩා කරලා ආයේ මේ ගොල්ලෝ අර සෙල්ලමේ යන්න තමයි මේ ක්‍රියා කරන්නේ.”

ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ.සේමසිංහ මහතා,

“ඔවුන් සතුව අසීමිත වී සංචිත ප්‍රමාණයක් සඟවා ගෙන තියෙනවා. මේ මොහොත වන විට සුළු හා මගේ පරිමාණ වී මෝල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු වෙලා තියෙන්නේ මොකද රුපියල් 220 කියන පාලන මිලට සහල් නිකුත් කරන්න වී මිලදී ගන්න විවෘත වෙළඳපොළ තුළ වී නැහැ.”

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් සංගමයේ අධ්‍යක්ෂ ආර්.එම්.ඩී.රත්නායක මහතා,

“මේකට වහාම පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙන්න. රජයේ පාලන මිලට හාල් ටික දෙන්න බැරිනම් මේවා රජය සතු කර ගන්න. මේ මාස තුනකට මේ ටික කොටලා දෙන්න. 200ට 250 අතරට කෝටි බිලියන ගණන් ලාභ ගත්තා. මේ අහිංසක මහජනයට කන්න මේ ටිකේ වෙන දේකට නෙවෙයි ඉල්ලන්නේ.”

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා,

“මේ හාල් මිල තීරණය කරන සූත්‍රයක් තියෙනවා. සූත්‍රයට කියන්නේ මෝල් සූත්‍රය කියලා. ඔය මෝල් සූත්‍රය තමයි වී කිලෝ එකක මිල වැඩි කරනවා 1.6න්. මේකට එකතු කරනවා රුපියල් 12ක්. අන්න ඒක තමයි හාල් කිලෝ එකේ සිල්ලර මිල හැදෙනවා. මහා පරිමාණ මෝල් හිමියෝ ඒගොල්ලන්ගෙ කටින්ම කියනවා වී මිටියක් ගත්තේ 7500කට කියනවා. එහෙමනම් 7500කට වී මිටියක් ගන්නකොට වී කිලෝ එකක් වෙන්නේ 117යි. 117ට වී කිලෝ එකක් ගත්තට පස්සේ හාල් කිලෝ එකක් හදන්න ඒ සදහා යන පිරිවැය ඔක්කොම හාල් කිලෝ එකක් දෙන්න පුලුවන් රුපියල් 207ට. මොන තරම් මෙතන මංකොල්ලකෑමක් යනවද? රුපියල් 124ට දිය යුතු හාලුත් මේගොල්ලේ 270ට දෙනවා. මේවා සහ ගහන අපරාධ. මේ ඇගිල්ල දික් කරන්නේ පඩත්තර පාලකයින්ට. මේ ගොන් ආණ්ඩුවට.”

මේ අතර සහල් පාලන මිල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අප වෙදළ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළා,

“තීන්දුවක් ගත්තම ක්‍රියාත්මක කරන්න අපිට කාලයක් ගත වෙනවා. පාරිභෝගිකයින් අනවශ්‍ය තොග රැස් කරන්නේ නැතුව තමන්ට අවශ්‍ය කරන ප්‍රමාණය පාලන මිලක් යටතේ තියෙන ස්ථාන වලින් ගන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒක ඉක්මනින් විසදා ගන්න. ගිය සති දෙකට සාපේක්ෂව හාල් ප්‍රමාණය දැන් වෙළෙඳ පොළට ඇවිල්ලා තියෙනවා.”

මේ අතර වෙළඳ පොළේ මේ වන විට සහතික මිලට සහල් අලෙවි වන්නේදැයි අප විමසා බැලුවා.

ඒ සම්බන්ධයෙන් වෙළෙන්දන් මෙසේ අදහස් දක්වා සිටියා,

“කීරි සම්බායි, රට හාලුයි විතරයි එන්නේ. කීරි සම්බා 260 රජයේ ගාණ. අපි දෙන්නේ 250ට. සම්බා, නාඩු මුකුත් ආවෙ නෑ.”

“ඩඩ්ලි මහත්තයා තියෙන ගණන්වලට හාල් එන්නේ නෑ. එයාගේ වුණත් හරි කීරි සම්බා අපි බාන්නේ රුපියල් 258ට. ලක්ෂ ගානක් කඩ කුලි ගෙවාගෙන රුපියලක ආදායමක් තියාගෙන විකුණන්න පුලුවන්ද?”

https://youtu.be/CPbAQjQiOEM