hit counter

2026 ඔක්‍තෝබර් මස 24 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 28, ප.ව. 4:28



ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ව CIDයට කැඳවා තිබෙනවා.

එහි දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය පිටුපස සිටින මහ මොළකරුවන් තිදෙනෙකු පිළිබඳ ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකළා.

ඒ අනුව අදාළ මහ මොළකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අතිරේක ලේකම් වෛද්‍ය රත්නායක සහ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා යන තිදෙනා ව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් නම් කළා.

හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

“අපි CIDය කියන්නේ, හොයාගන්න බැරි තොරතුරු හොයාගෙන හොරු අල්ලන අයටනේ, අපිට තියෙන තොරතුරු එයාලටත් නැත්නම් මේක පුදුමයක්නේ, හොයාගන්න බැරි හොරු අල්ලන්න තමයි CIDය තියෙන්නේ, ඒකට තමයි මහජනයා මුදල් වියදම් කරන්නේ, පඩි නඩි ගෙවන්නේ..

ඒගොල්ලෝ කියනවනම් එන්න ඔ්ගොල්ලොන්ගේ තොරතුරු අපිට දෙන්න කියලා, මොකක්හරි පොඩි ප්‍රශ්නයක් මෙතන තියෙනවා.. ඒගොල්ලෝ හොයන්නෙත් ලිඛිත සාක්ෂි, ඉතිං ලිඛිත සාක්ෂි තියෙනවනම් මටත් CID ඩිරෙක්ටර්කම දුන්නොත් ගිහිං අල්ලන්නම් හොරු.. එහෙම නැති නිසානේ CIDයට බාර දීලා තියෙන්නේ ” යනුවෙනි.