hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 04, ප.ව. 8:06



රුසියාවේ එරෝෆ්ලෝට් ගුවන් සේවය නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් පියාසාර කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා තිබෙනවා.

ඒ එම ගුවන් සේවයට අයත් ගුවන් යානයක් රැසියාවට පිටත්වීමට නොදී කටුනායක රඳවා ගැනීම හේතුවෙන්.

මේ අනුව ශ්‍රී ලංකාවට වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් සිදුනොකරන බවත් ශ්‍රී ලංකාව වෙත ගමන් කිරීම වෙනුවෙන් ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවියක් සිදුනොකරන බවත් සමාගම නිවේදනය කරනවා.

එසේම එම ගුවන් සේවය හරහා නැවත රුසියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි ගුවන් මගීන් වෙනුවෙන් වෙන්කරන ලද ගුවන් යානාවක් හරහා රුසියාවට ගෙන්වා ගන්නා බවත් එම ගුවන් යානා කොළඹට ගමන් කරන්නේ කාර්ය මණ්ඩලය සමගින් පමණක් බවත් එම  ගුවන් සේවය ප්‍රකාශ කරයි.

මේ අතර බරපතළ හානියක් වීමට පෙර, රුසියානු ගුවන් යානය ගැන ප්‍රශ්නය, බලධාරීන් විසින් වහා විසඳිය යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

” ශ්‍රී ලංකාවේ රදවාගෙන තිබෙන රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳීම මෙරටබලධාරීන් කටයුතු කළ යුතුයි.
දෙරට අතර හා  ආර්ථික වශයෙන්ද විශාල හානියක් සිදුවීමට මත්තෙන් අවශ්‍ය පියවර ගැනීමට වහා  ක්‍රියා කළ යුතුයි. “
යැයි ඔහු සඳහන් කළා.