hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2025 නොවැම්‍බර් 03, පෙ.ව. 10:05



සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක නම් පුද්ගලයා තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එරට ගුවන්තොටුපළේදී තායිලන්ත ආගමන විගමන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු වරෙන්තුද නිකුත් කර තිබිණ.

අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු අත්විලංගු සමග සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් වීඩියෝවක් නිකුත් කර තහවුරු කළේ තමන් අත්අඩංගුවේ පසුවීම සත්‍ය බවය.