hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 19, පෙ.ව. 1:13



සමනල වැවේ ජල කාන්දුවක් 1992 සිට ඇති අතර එහි සිදුර ඇත්තේ කොතැනද යන්න පවා නොදැන කාන්දුව නතර කර දැමීම සඳහා රු. බිලියන 2කට අධික මුදලක් පසුගිය සමයේ වැය කොට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

යෝජිත විදුලි ගාස්තු පිළිබඳ අදහස් විමසීමේ අවස්ථාවට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ගල් අඟුරු බලාගාරය ඉදි කළ පසු සමනල වැවේ ජලට ඉවත් කර අදාළ ජල කාන්දුව නවතා දැමීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළ බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වුව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පසුගිය නියං සමයේ සමනල වැවේ ජල මට්ටම පහළ ගොස් අදාළ සිදුර මතු වුව ද විදුලි බල මණ්ඩලය එය වසා දැමීම සඳහා කිසිදු පියවරක් නොගත් බවයි.

අනාගතයේ සමනල වැවේ කිසියම් ගැටලුවක් මතු වුවහොත් එහි වගකීම ද ලංවීම දැරිය යුතු බවයි, පාඨලී චම්පික රණවක අවධාරණය කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: