hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 14, ප.ව. 12:11



නියමිත වෙලාවට අධිකරණය හමුවේ පෙනී නො සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයා ඊයේ (13) නියෝග කළා.

නමුත් එම වරෙන්තුව ආපසු කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කළ අතර සනත් නිශාන්ත අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී සිටියා.

අධිකරණයට අපහාස කිරීම සහ විනිසුරු බලය අභියෝගයට ලක් කිරීම යන චෝදනා යි ඔහුට එල්ල වී තිබුණේ.

පසු ව විනිසුරුවරයා විසින් සනත් නිශාන්ත ඇමතිවරයාට තරයේ අවවාද කර තිබුණේ, නැවත පැමිණිමේ දී නියමිත වෙලාවට අධිකරණයට පැමිණෙන ලෙස යි.

අධිකරණයෙන් පිට ව යන අවස්ථාවේ දී සනත් නිශාන්ත අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා තිබුණේ, ”ඇත්තට ම මම දැන් නීතියට බය යි” යනුවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: