2026 අගෝස්තු 22, පෙ.ව. 12:17
මෙරට දුම්රිය සේවාව නවීකරණය කිරීමේ අරමුණින් නව දුම්රිය එන්ජින්, පවර් සෙට් සහ දෙපැත්තටම ධාවනය කළ හැකි (Bi-directional) දුම්රිය කට්ටල රැසක් අලුතින් එක් කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දුම්රිය මාර්ග පද්ධතියේ පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දුම්රිය මාර්ග දිගු කිරීමේ සැලසුමක් දැනට නොමැති වුවද, පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.
දුම්රිය ධාරිතාව ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව කරුණු පැහැදිලි කළ ඒ මහතා මෙසේද පැවසීය.
“අපි දැනටමත් පවර් සෙට් 5ක් මිලදී ගැනීම සඳහා ඇණවුම් කර තිබෙනවා. එහි ටෙන්ඩර් කටයුතු මේ වන විට ඇගයීම් මට්ටමේ පවතින අතර, මෙම වසර අවසන් වීමට පෙර එහි කොන්ත්‍රාත්තු පිරිනැමීමට අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම 2027 අයවැය මගින් තවත් එන්ජින් කට්ටල 5ක් සහ කෙටි දුර ධාවනය සඳහා සුදුසු, දෙපැත්තටම ධාවනය කළ හැකි දුම්රිය කට්ටල කිහිපයක් ඇණවුම් කිරීමට සැලසුම් කර තිබෙනවා.”
මීට අමතරව, සැහැල්ලු දුම්රිය මැදිරි තුනකින් යුත් දුම්රිය කට්ටල 3ක් මෙරටේදීම එකලස් කිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
ඒ සඳහා වන ලංසු කැඳවීම් පසුගිය ජූලි මස 01 වැනිදායින් අවසන් වූ අතර, ඉදිරි මාස තුන ඇතුළත එම කටයුතු ද අවසන් කර දුම්රිය පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රජය කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
2026 ඔක්තෝබර් 06, ප.ව. 12:31
2026 ඔක්තෝබර් 06, ප.ව. 12:12
2026 ඔක්තෝබර් 06, පෙ.ව. 11:40
2026 ඔක්තෝබර් 06, පෙ.ව. 10:15
2026 ඔක්තෝබර් 06, පෙ.ව. 8:41
06-10-26
06-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
29-09-26
29-09-26
28-09-26
28-09-26