2023 සැප්තැම්බර් 25, ප.ව. 8:08
පාර්ලිමේන්තු මන්ත්රී සරත් වීරසේකර මහතාට වීසා ලබා දී ම අමෙරිකාව විසින් ප්රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
පාර්ලිමේන්තු කාරක සභා නියෝජිතයන් සඳහා විශේෂ වැඩමුළුවක් ලබන මාසයේ අමෙරිකාවේ වොෂිංටන් නුවර පැවැත්වීමට නියමිතයි.
දින 10ක් පැවැත්වෙන අදාළ වැඩමුළුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපතිවරුන් කැඳවාගෙන යාමට සැලසුම් කර ඇති බව සඳහන්.
ඒ සඳහා සහභාගී වන අය විසින් අමෙරිකානු වීසා ලබා ගත යුතුයි.
ඒ සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සරත් වීරසේකර මහතා අයදුම් කළ ද ඔහුගේ ඉල්ලීම ප්රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ සමුළුව සඳහා සහභාගී වන සභාපතිවරුන්ගේ ලේඛනයෙන් සරත් වීරසේකර මහතාගේ නම ඉවත් කර වෙනත් අයෙකු ඊට ඇතුළත් කිරීමට සැලසුම් කරමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග ප්රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ද පැමිණිලි කර ඇති බව සඳහන්.
හිටපු ජනාධිපති ගෝඨභාය රාජපක්ෂ මහතාව ධුරයෙන් ඉවත් කිරීමට පැවැති ජන අරගලය පිටුපස අමෙරිකාව සිටි බවට තමන් සිදු කළ ප්රකාශ හේතුවෙන් අමෙරිකාව විසින් මෙලෙස වීසා ප්රතික්ෂේප කර ඇති බව සරත් වීරසේකර මහතා ප්රකාශ කර තිබෙනවා.
2024 ඔක්තෝබර් 15, පෙ.ව. 12:08
2024 ඔක්තෝබර් 15, පෙ.ව. 12:06
2024 ඔක්තෝබර් 15, පෙ.ව. 12:06
2024 ඔක්තෝබර් 15, පෙ.ව. 12:05
2024 ඔක්තෝබර් 15, පෙ.ව. 12:05