hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 12, ප.ව. 12:09



සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ සඳහා අයදුම් කිරීමේ දී පාසල්වල ප්‍රමුඛතාවය හිමිවන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.

මීට අදාළ චක්‍රලේඛය අනුව අයදුම්පත් කැඳවීම පාසල් මඟින් සිදු කළ යුතු බව, අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියා.

අමාත්‍යවරයා සඳහන් කළේ, සාමාන්‍ය පෙළ සිසුන් වැඩි වශයෙන් සමත් පාසල්වල දී එම පාසලේ දරුවන්ට උසස් පෙළ සඳහා යොමුවීමේදී ප්‍රමුඛතාවය හිමිවන බවත් යම් දරුවෙකු අධ්‍යාපන ලබන පාසලේ අදාළ විෂය ධාරාව නොමැති නම් එම දරුවන්ට අනෙක් පාසල්වල ප්‍රමුඛතාවය හිමිවන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේ, උසස් පෙළ හැදැරීමට අවශ්‍ය විෂය ධාරාව හෝ සංකලනය නොතිබිය යුතුයි. ඒ බව විදුහල්පතිවරයා විසින් සනාථ කළ යුතුයි. සනාථ කළත් නැතත් දරුවෝ ඉල්ලනවා. උදාහරණයක් විදියට කොළඹ ආනන්ද විදුහලේ සාමාන්‍ය පෙළ A 9 දරුවෝ ඉන්නවා 182ක්. විශාකා විද්‍යාලයේ ඉන්නවා 206ක්. එවැනි තත්ත්වයක් තුළ තවත් පාසලකින් ඉල්ලුම් කිරීමේ දී ප්‍රමුඛතාවය දෙන්න ඕන වෙන්නේ ඒ සුදුසුකම් මාලාව තියෙන හැබැයි ඒ කලාපය තුළ හෝ ඉන් පිටත යම් දරුවෙකුට විෂය ධාරාව නැත්නම්. ඒ අයට තමා ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. උදාහරණයක් විදියට පාසලක ජීව විද්‍යාව විෂය ධාරාව නැත්නම් එතැන A 9 ගත්ත දරුවාට අර පාසලේ ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඒක චක්‍රලේඛනය අනුව සිදුකරන්න ඕනේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: