hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:04



පාසල් සිසුන්ගේ සහ වයස අවුරුදු 20ට අඩු දරුවන් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක් පවතින බවට වෛද්‍යවරු අනතුරු අඟවයි.

පාසල් සිසුන් පැකට් කරන ලද කෑමට පෙලඹී තිබීම මෙම තත්ත්වයට හේතුවක් බවත් තොල වටේ සුදු පැහැයක් පවතින්නේ නම් එය මුඛ පිළිකාවක ලක්ෂණයක් විය හැකි බවද වෛද්‍යවරු සදහන් කරයි.

මුඛ පිළිකා සහ පූර්ව පිළිකා වැලඳුන රෝගින් 5 – 20 අතර පිරිසක් දිනපතා ජාතික දන්ත රෝහලට පැමිණෙන අතර ඉන් වැඩි පිරිසකගේ මුඛ පිළිකා තත්ත්වය මුල් අවධියේදී පහසුවෙන් ප්‍රතිකාර කිරීමට හැකි බවද වෛද්‍යවරුන් සදහන් කරයි.

එනිසා පාසල් දරුවන්ගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් දැනුවත් වී තම දරුවන් ඉන් මුදා ගැනීමට කටයුතු කළ යුතු බවද වෛද්‍යවරුන් දැනුම්දීමක් කරයි.

වැඩි වශයෙන් මුඛ පිළිකා සෑදෙන්නේ බුලත් විට කෑමෙන් බවත් ජනතාවගෙන් සියයට 49%ක් බුලත්, දුම්කොළ කෑම සිදුකරන බැවින් එම තත්ත්වය වළක්වා ගත යුතු බවද වෛද්‍යවරුන් සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: