hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 21, ප.ව. 3:27



විවිධ උත්සව සංවිධානය කරමින් ඇතැම් පාසල් මගින් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් උත්සව සංවිධාන කටයුතු සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.

මධ්‍යම රජය හා පළාත් සභාව යටතේ පාලනය වන සියලුම පාසල් වලට මෙම චක්‍රලේඛනය බලපැවැත්වෙන බවත් ආගමික උත්සවත් චක්‍රලේඛනය මගින් අවසර ලබා දී තිබෙන උත්සවත් හැරුණු විට වෙනත් උත්සවයක් පවත්වන්නේ නම් විදුහල්පතිවරු අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතු බවත් මේ සම්බන්ධව ඒෂියන් මිරර් කළ විමසීමක දී මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා සඳහන් කළා.

මෙම චක්‍රලේඛනයට අනුව පළමු වාරයේ දී උත්සව තුනක් ද දෙවන හා තෙවන වාර වල දී උත්සව හතරක් ද ලෙස වසර පුරාම උත්සව 07 ක් පමණක් පැවැත්වීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී ඇත.

පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීම, නිදහස් උත්සවය හා නිවාසාන්තර ක්‍රීඩා උළෙල පළමු වාරයේ දී පැවැත්වීමට අවසර ලබා තිබෙන අතර දෙවන හා තෙවන වාර වලදී පැවැත් වීමට අවසර ලබා දී ඇත්තේ අධ්‍යාපන චාරිකාව, වර්ණ ප්‍රදානෝත්සවය, කලා උළෙල හා වාර්ෂිත ත්‍යාග ප්‍රදානෝත්සවය පමණි.

සංගීත සංදර්ශන, ගුරු උපහාර ඇතුළු විවිධ සැමරුම් උත්සව සංවිධානය කරමින් විදුහල්පතිවරු ඇතුළු විවිධ කණ්ඩායම් සීමාවකින් තොරව මුදල් එකතු කරන බවටත් ඒවා සම්බන්ධයෙන් අයවැය වාර්තාවක් හෝ නොකරන බවටත් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් උත්සව සංවිධානය සීමා කරමින් අදාළ චක්රලේඛණය නිකුත් කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: