hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 22, පෙ.ව. 11:14



අධ්‍යාපන අමාත්‍යාංශය සහ “සති පාසල”  නිර්මාතෘ පුජ්‍ය උඩඊරිගම ධ්‍ම්මජීව ස්වාමීන් වහන්සේගේ “සති පාසල පදනම” ඒකාබද්ධව “සතිමත් බව පිහිටු වීම” වැඩ සටහන පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

වැඩසටහන, සංකීර්ණ මෙන්ම ගතික සමාජයට ඔරොත්තු දෙමින් තම පෞරුෂය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය පන්නරය පාසල තුළින්ම පාසල් සිසුන්ට ලබා දෙමින් සිසුන්ගේ වැරදි චර්යා වළක්වා ගැනීම සඳහා උපකාරී වන අධ්‍යාපන වැඩසටහනක් වශයෙන් දිවයිනේ සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වන විට පාසල් ළමුන් වාර අවසාන නිවාඩු ගත කරමින් සිටින අතර අනතුරුව ඒ සදහා යොදවන බවයි වාර්තා වන්නේ 2023 මාර්තු මස 24 දින දක්වා සෑම බදාදා දිනකම නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඉන් අනතුරුව එකී වැඩසටහන සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 7.30 සිට පෙරවරු 7.40 දක්වා විනාඩි 10ක කාලයක් ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍ය තුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: