hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 29, පෙ.ව. 12:03



මෙරට සියලු පෙර පාසල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුගතව එක් පොදු රාමුවකට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව නුපුහුණු පෙර පාසල් ගුරුවරුන් වෙත විධිමත් පුහුණුවක් ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙය වීම යටතේ ජාතික අධ්‍යාපන අයාතනය විසින් ලබාදෙන මෙම පුහුණු වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ලොව බොහෝ දියුණු රටවල පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී අවධානය යොමු කරන නමුත් මෙරට පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් නිසි අවධානයක් යොමු කර නොමැති බවද අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම 2025 වර්ෂයේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාවට නංවන්නේ නම් පළමුවැනි ශ්‍රේණියට ප්‍රවේශ කරවන දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනයද ඒ හා අනුගත විය හැකි අයුරින් සිදු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: