hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 18, පෙ.ව. 12:04



වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා කළ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා ප්‍රතිපත්ති රාමුවක් පාර්ලිමේන්තුවට යවා ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වත්මන් ගැටළු සහ අභියෝග මෙන්ම ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාකච්ඡා කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැති රැස්වීමකට එක්වෙමින් ඇමැතිවරයා කියාසිටියේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පියවරෙන් පියවර ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ සඳහා ශක්තිමත් පදනමක් තිබිය යුතු බවත්ය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් වෙනසක් සිදුකරන්නේ නම්, එම වෙනසට ඔරොත්තු දෙන පරිදි ව්‍යුහය සකස් කළ යුතු බවත්, එම ව්‍යුහය නිවැරදිව සකස්කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 1000ක් පමණ පවතින අතර ගුරු උපදේශන සේවයේ පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා උපාධිධාරීන් 22,000ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති නමුත් අධිකරණය හමුවේ පවතින නඩුවක් අවසන් වනතුරු එම බඳවාගැනීම් නතර කර තිබෙනවා.

එපමණක් නොව, පළාත් මට්ටමින් ගුරුවරුන් 13,500ක් බඳවා ගැනීමේදී අවසන් අධීක්ෂණ තීන්දුව ලැබෙන තෙක් බලාසිටීමට සිදුව ඇති බවත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණ පවා කලින් කලට වෙනස්වන බවත්, ඒ හේතුවෙන් මෙම වෘත්තීය ගැටලුවලට විසඳුම් ලැබීම තව දුරටත් ප්‍රමාදවන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: