hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 20, ප.ව. 12:19



මෙරට අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සදහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේදී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා අවධාරණය කර සිටිනවා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

එහිදී 2024 වසරට අදාල පාසල් පෙළ පොත් බෙදාහැරීම සඳහා යොමු කර අවසන් බවට ඔහු පවසා ඇති බවයි වාර්තා වන්නේ.

පාසල් දිවා ආහාර වෙනුවෙන් රුපියල් බිලියන 16ක් අය වැය මඟින් වෙන්කර තිබෙන අතර  ඊට අමතරව දරුවන් ලක්ෂ දෙකකට දිවා ආහාරය ලබාදීම වෙනුවෙන් USAID ආයතනය මඟින් ගිවිසුම් අත්සන් කළ බවයි වැඩිදුරටත් ඔහු සදහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: