hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 15, ප.ව. 12:02



ඊයේ (14) දින, සාමාන්‍ය පෙළ විභාගය සඳහා සහභාගී වීමට විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි සිසුවියන් දෙදෙනෙකු නැවත නිවෙස් වෙත නොපැමිණි බව පවසමින් ඔවුන්ගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වෙනවා.

අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත ඊයේ උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා පැමිණ ඇති අදාළ සිසුවියන් දෙදෙනා විභාග මධ්‍යස්ථානය අසල විභාගය ආරම්භ වීමට පෙර කතා කරමින් සිටි බවට සිසුන් දැක ඇති අතර, ඉන් පසු ඔවුන් නාවලපිටිය නගරයේ නිල ඇඳුමින් සිට ඇති බවත් සිදු කළ මුලික විමර්ශනවලදී පොලීසියට සොයාගෙන ඇත.

එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවට තොරතුරු අනාවරණය වී ඇති අතට ඔවුන් ගිනිගත්හේන, අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි කාරියන් වෙනවා.

ඉන් එක් සිසුවියක් දෙමාපියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවද පැමිණිල්ලේ සඳහන් වී ඇති බව පොලීසිය පවසයි.

ගිනිගත්හේන පොලීසිය විසින් සිසුවියන් සොයාගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අතුරුදන් වූ සිසුවියන්ගේ තොරතුරු මේ වනවිට සියලු පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති බව සඳහන්.

සිසුවියන්ගේ භාරකරුවන් කියා සිටින්නේ යම් අණතුරක් සිදුකිරීමේ අරමුණින් සිසුවියන් පැහැරගෙන ගොස් ඇති බවට සැකයක් පවතිනා බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: