hit counter

2024 ජූනි මස 26 වන බදාදා

2024 ජූනි 18, පෙ.ව. 12:03



අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා උත්සව අවස්ථාවකට එක් වෙමින් කියා සිටියේ, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අනුව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සමස්තය මින් ඉදිරියට විභාගයෙන් පමණක් ලබා නොදෙනා බවත් ඉන් ලකුණු 30%ක් ක් 4 සහ 5 ශ්‍රේණිවල දී පන්ති කාමරය තුළ අධ්‍යාපනය ලබන අතරවාරයේ උපයා ගත යුතු බවත්ය.

නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත්කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම වන අතර අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මඟින් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එහි නියමු ව්‍යාපෘති 1, 6, 10 ශ්‍රේණි මුල් කරගෙන ලබන වසරේ දී (2025) ආරම්භ කරන බවත් බවද පැවසුවා.

එමෙන්ම ලබන ජූලි මස මුල් සතියේ දී ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන්ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරී ගුරු පත්වීම් 2500ක් පමණ ලබාදීමට පියවර ගන්නා බවත් එම සියලු‍ උපාධිධාරීන් තරඟ විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණයක් හරහා තෝරා පත්කර ගැනීම තුලින් වඩා දක්ෂ ගුරු පරපුරක් බිහි කිරීමට අපේක්ෂා කරනා බවද සඳහන් කළා.

එමෙන්ම නවීනතම ‘ස්මාට් බෝඩ්‘ 2500ක් ලබන අගෝස්තු-සැප්තැම්බර් මාස වන විට දිවයිනේ සියලු‍ පර්ෂද මූලස්ථ ප්‍රමුඛ පාසල්වලට පළමු අදියර තුළ ලබා දී වසර තුනක් ඇතුළත සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර සුහුරු අධ්‍යාපන අවස්ථා සැලසීමට අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

ඒ සඳහා මූලික අදියරේදී ගුරුවරුන් 7500ක් පුහුණු කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා කරුණු දක්වමින් සඳහන් කළා.

මෙම නව අධ්‍යාපන ක්‍රමවේද අනුව වයස අවුරුදු 21 වන විට පළමු උපාධියත් 23 වන විට පශ්චාත් උපාධි සහ 27න් ආචාර්ය උපාධියත් ලබා ගැනීමට දරුවන්ට අවකාශ උදා වන බවද පැවසුවා.

මෙරට විද්‍යාපීඨ 19 ම එකතු කර හදන විශ්වවිද්‍යාලයෙන් බිහි කරන විද්‍යාවේදී උපාධිධාරී ගුරුවරුන් පමණක් 2028 වර්ෂයේ සිට පාසල්වලට යොමු කිරීමට අපේක්ෂා කරන බවත් පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ ගුරුවරුන් දෙලක්ෂ තිස් දෙදහක් පුහුණු කිරීමේ අභියෝගයට ඉදිරියේ දී මුහුණදීමට ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: