hit counter

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 15, පෙ.ව. 10:19



රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2024 වර්ෂයේ දෙවැනි පාසල් වාරය හෙට (16) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ, අනුව තුන්වැනි පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වැනිදා ආරම්භ වෙයි.

මේ අතර 2024 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මෙම වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගය සැප්තැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: