hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 30, ප.ව. 8:13



පිටකොටුව බැස්ටියන් මාවතේ බස් නැවතුම ආසන්නයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ඉන් එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ කැලේදිවුල්වැව, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි ලක්ෂිත විරාජ් ලියනගේ නම් 30 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ ලක්ෂිත කමාන්ඩෝ සෙබළකු ලෙස සේවය කර නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී කොළඹ ප්‍රදේශයේ සුපිරි අවන්හලක සේවය කර තිබෙනවා.

සුපිරි අවහන්හලේ දී ඇති වූ වැටුප් ආරවුල සම්බන්ධයෙන් ලක්ෂිත විරාජ් හා අදාළ අවන්හලේ සේවකයින් පිරිසක් වෙත කුරුඳුවත්ත පොලීසිය මගින් නඩු පවරා ඇති අතර, අදාළ නඩුවට පෙනී සිටිමට ගොස් නැවත එමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ලක්ෂිතවිරාජ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී වැටුප් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඔහු ඝාතනය කරන්නට ඇතැයි සැක කරන බව පවුලේ ඥාතීන් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලක්ෂිත විරාජ්ගේ වැඩිමල් සොයුරා වන සමීර දිනේෂ් මහතා,  

“මේ මිය ගිහින් ඉන්නේ මගේ බාල සහෝදරයා, එයා කොළඹ පුද්ගලික ආයතනයක රැකියාවක් කළා, ඒ රැකියාවේදී එයා ඇතුළු සේවකයෝ 04 -05 දෙනෙකුට  වැටුප් ගෙවලා තිබ්බේ නෑ, නැවත පඩි ගෙවන්න එන්න කියලා දැනුම් දීලා තිබ්බා.එදා එතනදී ආරවුලක් වෙලා කුරුඳුවත්ත පොලීසිය නඩු පවරලා තිබ්බා  මගේ සහෝදරයා ඇතුළු පිරිසකට අයුතු ඇතුළු වී අනර්තයක් කළා කියලා.ඒ නිසා පුද්ගලික ආරවුලක් තිබුණා, ඒ සිද්ධිය නිසා සිදු වූ දෙයක් කියලා තමයි මම හිතන්නේ. එයා මීට පෙර යුධ හමුදා කමාන්ඩෝ සෙබලකු ලෙස සේවය කරලා නීත්‍යාණූකූලව ඉවත් වෙලා හිටියේ, ඒ අතරතුර ග‌මේ වෙන ප්‍රශ්න තිබුණේ නෑ, ඔය සිදුවීම පමණයි තිබුණේ.අද (30දා) උදේ 02.00 ට පමණ තමයි නිවසින් ගියේ නඩු කටයුත්තට සහභාගී වෙන්න බස් රථයෙන්, නඩු කටයුත්ත ඉවර වෙලා එද්දී තමයි ඔය සිද්ධිය සිදු වෙන්නේ..තර්ජන ගර්ජන තියෙන බවක් නම් අපිට දැනුම් දුන්නේ නෑ.කොළඹට යන්නේ නෑ, ඔය සේවා ආයතනයේ කටයුතු වලට තමා ගියේ, මේ ගමේ ප්‍රශ්න තිබුණෙත් නෑ, කොළඹ රැකියාවේ ගැටලුවෙන් පස්සේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනක සේවය කරමින් තමයි හිටියේ.”