hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 08, පෙ.ව. 10:24



ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ සුරා බදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දැනට රාජ්‍ය සේවය නියුතු උපාධිධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අදාළ දෙපාර්තමේන්තුවල සේවා ව්‍යාවස්ථා උල්ලංඝනය නොවන පරිදි කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව පවත්වන තරග විභාගයක් මගින් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට අපේක්ෂිත බව අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා රේගු දෙපාර්මේන්තුවේ දැනට පුරප්පාඩු 773ක් පවතින අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 434ක්.

සුරා බදු දෙපාර්තමේන්තුවේ ද පුරප්පාඩු 331ක් පවතින අතර විශ්‍රාම යාමේ වයස 65 සිට 60 දක්වා අඩු කිරීමත් සමග මෙම දෙසැම්බර් මස 31 වැනිදා වන විට අදාළ දෙපාර්තමේන්තු තුනේ ඉතා පළපුරුදු තවත් නිලධාරීන් පිරිසක් විශ්‍රාම යාමට නියමිතයි.

පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයට අලුතින් පත්වීම් ලබා නොදෙන අතර දැනට රාජ්‍ය සේවයේ නියුතු දක්ෂ උපාධිධාරීන් වෙනුවෙන් එම අවස්ථාව ලබා දීම රජයේ අපේක්ෂාව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: