hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 14, පෙ.ව. 7:50



පුද්ගලයකුට මසක් ජීවත්වීම සඳහා රුපියල් 13,000ක් අවශ්‍ය බවට රජයේ වාර්තා මගින් ම තහවුරු කර ඇති තත්ත්වයක් තුළ 2023 වසර සඳහා සුබ සාධන අයවැයක් ඉදිරිපත් කිරීමේ අභියෝගය රජය භාරගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට දේශපාලන වශයෙන් මෙන් ම ආර්ථික වශයෙන් ද ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළකට මෙම අයවැය මගින් මග විවර වනු ඇති බවයි.

“ලෝකයේ අයවැය වර්ගීකරණ දෙකක් තියෙනවා, ආයෝජනයට බර වූ අයවැය සහ සුබ සාධනයට බර වූ අයවැය කියල. නිදහස් ශ්‍රී ලංකාවේ 77 වැනි අයවැය අපි ඉදිරිපත් කරන්නේ රටේ පවුල් සංඛ්‍යාවෙන් 70%ක් ජීවත් වීම සඳහා රජයෙන් සහන ඉල්ලන තත්ත්වයක් තුළයි. ඒ නිසා අපි මේ වෙලාවෙ අවධානය යොමු කරන්නේ මේ ජනතාවගේ මූලික අවශ්‍යතා ටික ඉටු කරන්න පහසුකම් සලසන සුබ සාධන අයවැයක් ඉදිරිපත් කිරීමට ” යැයි අමාත්‍යවරයා පැවසීය.

2023 වසර සඳහා අයවැය ඉදිරිපත් කිරීමට සිදු ව ඇත්තේ 90% ඉක්මවූ ආහාර උද්ධමනයක්, 70% ඉක්මවූ සාමාන්‍ය උද්ධමනයක්, 8.3% ඍණ ආර්ථිකයක්, සාමාන්‍ය පොලී අනුපාතය 30%ක්, විදේශ ණය ගෙවා ගත නොහැකි බවට නිල වශයෙන් ප්‍රකාශ කර ඇති රටක් ලෙස ය.

ආර්ථික වර්ධන වේගය 2023 වසරේ ද 3% ඍණ මට්ටමක පවතිනු ඇතැයි ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයාට ආර්ථික පුරෝකතනය කිරීමට සිදුව ඇත්තේ මෙවන් ආර්ථික පසුබිමක් තුළ ය. මේ සියල්ලට මුහුණ දෙමින් ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීමේ පියවර 2023 අයවැය මගින් සිදු කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මුහුණ දෙන අභියෝගය බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: