hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 29, ප.ව. 2:40



විදුලි බිල අසාමාන්‍ය ලෙස ඉහළ දමමින් ජනතාව පීඩනයෙන් පීඩනයට පත්කරන ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් අද (29) පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක නිරත වුණා.

දූෂණය නවතනු විදුලි බිල අඩු කරනු – විදුලි බිල අහසට මුළු රටම අඳුරට තේමාවෙන් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිල, මනෝ ගනේෂන්, නලීන් බණ්ඩාර, දිලීප් වෙදආරච්චි, මුජුබර් රහුමාන්,  චමින්ද විජේසිරි, හෙක්ටර්  අප්පුහාමි යන  මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: