hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2024 ජූලි 24, ප.ව. 3:13



ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අවිස්සාවේල්ල ඩිපෝවේ සේවකයෙක් එම ඩිපෝවේ බස් රථවලට යොදා ගන්නා දුනු කොල 90 ක් සොරකම් කිරීමට ගොස් පොල්සිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ පොහොට්ටුවේ වෘත්තීය සමිතියට අයත් සේවකයන් පිරිසක් වන බවද වාර්තා වන අතර අත් අඩංගුවට ගැනීමට යන අවස්ථාවේ තවත් සැකකරුවන් දෙදෙනෙක් එහි සිට පැනගොස් ඇති බවද වාර්තා වෙනවා.

අදාළ දුනු කොල තොගය රැගෙන ගිය බස් රථයද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සංබන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.