2026 අප්‍රේල් 25, පෙ.ව. 12:15
නෝර්වේ රජය වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් නව නීති යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර ඇත.
ඒ අනුව, තරුණ පරිශීලකයින්ගේ වයස සත්‍යාපනය කිරීම සඳහා තාක්ෂණික සමාගම්වලට වගකීම පැවරීමටද නියමිතය. මෙම නීතිය හඳුන්වාදීමේ අරමුණ දරුවන්ට නිසි ළමා කාලයක් ලබාදීම බව අගමැති ජොනස් ගාර් ස්ටෝරි ප්‍රකාශ කර තිබේ.
“අපි මෙම නීතිය හඳුන්වා දෙන්නේ දරුවන්ට දරුවන් වීමට අවස්ථාව ලබාදීම සඳහායි,” යනුවෙන් ඔහු සඳහන් කළේය. තවද, සෙල්ලම් කිරීම, මිත්‍රත්වයන් සහ දෛනික ජීවිතය ඇල්ගොරිතම සහ තිර මගින් අත්පත් කර නොගත යුතු බවද ඔහු අවධාරණය කළේය.
එය දරුවන්ගේ ඩිජිටල් ජීවිත ආරක්ෂා කිරීමේ වැදගත් පියවරක් බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය. සුළුතර කම්කරු රජය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පනත් කෙටුම්පත 2026 අවසානය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
2026 අප්‍රේල් 28, ප.ව. 12:52
2026 අප්‍රේල් 28, ප.ව. 12:26
2026 අප්‍රේල් 28, පෙ.ව. 11:34
2026 අප්‍රේල් 28, පෙ.ව. 10:13
2026 අප්‍රේල් 28, පෙ.ව. 9:21
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26