hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 11, පෙ.ව. 11:21



මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය අලි ඇතුන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළා.

වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය පවත්වනු ලබන්නේ කොරෝනා වසංගතයෙන් වසර 4 කට පසුවයි.

මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දිරාජා, බුරුම රාජා, කතරගම වාසනා, කැලණිය රජ මහ විහාරයේ හස්තියා, මියන් රාජා ඇතුලු 6 දෙනෙකු සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවීමට සුදුසුකම් ලබන බවයි මහනුවර ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දියවඩන නිළමේවරයා සඳහන් කළේ.

පෙරහර මංගල්‍යය ලබන 17 වනදා කප් සිටුවීමෙන් ආරම්භ වන අතර, අවසන් රන්දෝලි පෙරහර 30 වනදා වීථි සංචාරය කෙරෙනවා.

31 වනදා දිය කැපීමේ මංගල්‍යයෙන් පසු දහවල් පෙරහර සිදු කර පස්වරුවේ ජනාධිපතිවරයාට පෙරහර සංදේශය භාරදීමෙන් අනතුරුව පෙරහර මංගල්‍යය නිමාවීමට නියමිතයි.