hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 3:02



අධ්‍යාපන, සෞඛ්‍ය, ආපදා සහ ජීවන තත්ත්වය සැලකීමේ දී මෙරට ජනගහනයෙන් සියයට 55ක් අවදානම් දර්ශකයේ පසුවන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ඔක්ස්ෆර්ඩ් ද්‍රරිද්‍රතාව සහ මානව සංවර්ධන ඒකකය එක්ව සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වෙනවා.

ඒ අනුව මෙරට පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 06 දෙනෙකු අධ්‍යාපන, සෞඛ්‍ය, ආපදා සහ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් අවදානමේ පසුවන බව වාර්තා වුණා.

මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ පැතිකඩයන්ගෙන් සිදුව ඇති බලපෑම පිළිබඳව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: