hit counter

2026 ජූනි මස 26 වන සිකුරාදා

2024 ජූලි 15, ප.ව. 1:02



විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා දීමට පෙර එම ආයතනය ලියාපදිංචි වී ඇත්දැයි සොයා බලන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය යළි දැනුම් දී තිබෙනවා.

එම ආයතනවලට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී තිබුණත් ඊට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බලන ලෙසයි ඔවුන් කියා සිටියේය.

ඊට අදාළ තොරතුරු 1989 ක්‍ෂණික දුරකතන අංකය මගින් හෝ එම කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබාගත හැකිය.