hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:49



හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ඊයේ (10) සිට තැන්පත් කර ඇති ශාන්ත මරියතුමියගේ පිලිරුවේ දෑසින් රත් පැහැයෙන් වම් ඇසින් කදුළු ගලා ඇති බව එම දේවස්ථානයේ පියතුමන් වන වර්ණකුලසුරිය ඇන්තනි ප්‍රනාන්දු පියතුමන් පැවසුවා.

හැටන් කුඩාගම ප්‍රදේශයේ කිතුනු භක්තිකයෙකුගේ නිවසේ තැන්පත් කර තිබු ශාන්ත මරියතුමියගේ පිලිරුවේ වම් දෑසින් රත් පැහැයෙන් කදුළු ගලන බව දුටු එම කිතුනු භක්තිකයා ඊයේ (10) පස්වරුවේ එම පිලිරුව හැටන් ශ්‍රි කුරුස දේවස්ථානය වෙත වඩම්මවා දේවස්ථානය වෙත භාරදුන් බවත්, ඉන් අනතුරුව ශාන්ත මරියතුමියගේ පිලිරුව දේවස්ථානයේ තැන්පත් කල බවයි එම පියතුමන් කියා සිටියේ.

ඊයේ (10) පස්වරුවේ ශාන්ත මරියතුමියගේ ප්‍රතිමාව වඩම්මවන අවස්තාවේ එතුමියගේ වම් දෑසින් රත් පැහැයෙන් කදුළු ගලා ඇති බවට එම පිළිරුවෙන් ගලා ඇති කදුළු වල තෙතමනයක් තිබු බවත්, අද (11) අලුයම වන විට එසේ ගලා තිබු කදුළු වියලි ගොස් ඇති බවත්, කදුළු ගලා ඇති බවට ඕනැම කෙනෙකුට පියවි ඇසින් දැකගත හැකි බවයි පියතුමන් කියා සිටියේ.

ශාන්ත මරියතුමියගේ දේව ප්‍රතිමාව දැක බලා ගැනිමට සහ යාඥා කිරිමට ඊයේ (10) රාත්‍රියේ සිට විශාල කිතුනු බැතිමතුන් ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් හැටන් ශ්‍රි කුරුස දේවස්ථානය වෙත පැමිණෙන බවත්, එසේ පැමිණෙන කිතුනු බැතිමතුන් දේවස්ථානය තුල යාඥා කර දේව මෙහෙයන් සිදු කරන බවයි පියතුමන් කියා සිටියේ.

හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට විශාල පිරිසක් පැමිණිම හේතුවෙන් එම දේවස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා.