hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 22, ප.ව. 12:36



කිඹුලාවල STREET FOOD අලෙවිසැල් දින 14ක් ඇතුළත ගලවා ඉවත්කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කඩහිමියන්ට දැනුම් දී තිබෙනවා.

රිය අනතුරු සිදුවන බවට පැමිණිලි දිනපතා ලැබෙන බැවින් මෙම තීරණය ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙනවා.

කෙසේ වෙතත් කඩහිමියන් සඳහන් කර සිටියේ යම් ආයතනයකින් සිදුකරන නියාමනයකට යටත්ව අලෙවිසැල් පවත්වාගෙන යෑමට තමන් කැමති බවයි.

මීට පෙර ද මෙම කඩ ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කළ ද පසුව කඩහිමියන් අතර ඇති කරගත් එකඟතාවය මත අලෙවිසැල් පවත්වාගෙන යෑමට ඉඩ ලබාදුන්නා.

එහිදී STREET FOOD කඩ මාර්ගයෙන් තරමක් පස්සට ගැනීමට එකඟතාවය ඇති වුවද සමහර කඩ තවමත් මාර්ගය අවහිර වන සේ අලෙවිසැල් පවත්වාගෙන යන අයුරු එම ස්ථානයේ දැක්නට ලැබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: