2026 අප්‍රේල් 07, පෙ.ව. 12:14
ප්‍රදර්ශන පුවරුවල ඇති විදුලි බල්බ හා එක් එක් පොලිස් වසම්වල අනවශ්‍ය ලෙස දල්වා ඇති වීදි ලාම්පු සංඛ්‍යාව ගණනය කර තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ඒ ඒ පොලිස් ස්ථාන අධීක්ෂණය කරන උසස් නිලධාරීන්ට නියෝග කර ඇති බව පුවත්පතක් වාර්තා කරයි.
පොලිස්පති අණදෙන කොට්ඨාසය මගින් මීට අදාළ නියෝගය ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් බාර නිලධාරීන්, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හා ස්ථානාධිපතිවරුන්ට යවා තිබෙන බවද එහි දැක්වෙයි.
ඉන්ධන හා බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට රජය ලබාදී ඇති මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම නියෝගය කර ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.
2026 අගෝස්තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්තු 31, පෙ.ව. 12:13