hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 1:07



රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඉල්ලීම් හයක් මුල් කරගනිමින්.

අද රැස්වූ කොළඹදී රැස්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසිනස් මෙම තීරණය ගත් බවයි, එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා කියා සිටියේ.

රට ආර්ථිකමය වශයෙන් ගොඩ ගන්නා ආකාරය පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වී තිබෙනවා.

මහජනතාව සහ රටේ ශ්‍රම බලකාය පටි තද කර ගත්තාට, ඉන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන බවක් පෙනෙන්නට නොමැති බවයි රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ.

දූෂණය, වංචාව, නාස්තිය වැලැක්මේ කිසිදු අභිලාෂයක් ආණ්ඩුව සතුව නැහැ.

පරිපාලන ගුණාත්මක බව එදාටත් වඩා අද පිරිහී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තීරණ ගැනීමේ නවීණ බව වෙනුවට, වැඩවසම්, යටත් විජිත මනසකින් යුතු ගතානු ගතික තීරණ ගැනීමේ ක්‍රියා පිළිවෙතකට රට තල්ලු කර හැර ඇති බවට ද රාජ්‍ය හා අර්ධරාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව චෝදනා කරනවා.

1. රුපියල් 20000/-ක වැටුප් වැඩිවීමක් ලබා ගැනීම

2. වෘත්තීය සමිති මර්දනය නතර කිරීම

3. ත්‍රස්ත විරෝධී පනත, මාධ්‍ය නියාමන පනත ඇතුළු, මර්දනීය අණ පනත් හකුලා ගැනීම

4. රාජ්‍ය සේවාව කප්පාදු කිරීම නතර කිරීම

5. අත්‍යවශ්‍ය බඳවා ගැනීම වහා සිදු කිරීම

6. ඖෂධ, ප්‍රතික්‍රීයක, උපකරණ ඇතුළු සෞඛ්‍ය සේවාවට අදාල යටිතල පහසුකම් ලබා දීම යන ඉල්ලීම් ද ඊට ඇතුළත් බවයි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේ.