hit counter

2024 ඔක්‍තෝබර් මස 06 වන ඉරිදා

2024 ජූලි 08, ප.ව. 3:48



අතුරුගිරියේ වෙඩි තැබීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ දෙදෙනා මේ වනවිට දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් මහතා පවසනවා.

හදිසි අනතුරු අංශයට කාන්තාවක් හා පිරිමි අයෙකු ඇතුළත් කර තිබූ අතර ඔවුන් දෙදෙනාගේම ඉනෙන් පහළට තුවාල සිදුව ඇතැයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කාන්තාවගේ කකුළේ තුවාලය බරපතළ වුවත් ඇයගේ තත්ත්වය මේ වනවිට ස්ථාවර මට්ටමට පත්ව ඇතැයි ද වෛද්‍යවරයා පැවසුවා.

අද (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදීයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: