hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 10, පෙ.ව. 12:04



රට පුරා සුපිරි වෙළඳසැල් පන්සියයක පමණ ප්‍රමාණයක් වැසී යාමේ අවදානමක් මතුව තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ පාරිභෝගිකයන් විශාල වශයෙන් අඩුවෙන් මත ඒවායේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වීමයි.

මෙසේ වැසියාමේ අවදානයට ලක්ව ඇති වෙලදසැල් බොහොමයක් බස්නාහිර පළාතේ ඒවාය.

මේ අතර රට තුළ පිහිටි බොහෝ සුපිරි වෙළඳ සල් වලට පාරිභෝගිකයන්ගේ පැමිණීම 75% කින් පමණ අඩු වී ඇති බවද වෙළඳ සංගම් පෙන්වා දෙයි.

බොහෝ සුපිරි වෙළඳසැල් වල විශාල සේවක සංඛ්‍යාවක් වැඩ සිටින නිසා දැනට පවතින ආදායම් මත සේවකයන් නඩත්තු කිරීමත් අසීරු තත්වයට පත්ව ඇත.

සමහර වෙළඳසැල් හිමියන් භාණ්ඩ අලෙවි කරන නියෝජිතයින්ට සිය දෛනික මුදල් පවා ගෙවීමට නොහැකි තත්ත්වයක පසුවන අතර ඇතැම් අවස්ථාවල වෙළඳසැල් හිමියන් දෙන චෙක්පත්වල මුදල් නොමැති වීමෙන් දුෂ්කරතාවයන්ට පත්වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: