hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 3:02



ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සෑම වසර තුනකට වරක් පවත්වනු ලබන ගෘහ ඒකක හා ආදයම් වියදම් සමික්ෂණය 2022 වර්ෂයේ දී පවත්වනු ලැබුවේ නම් වත්මන් ආර්ථික අර්බුදයේ බලපැම නිසි පරිදි  හදුනා ගැනිමට ඉඩ තිබූ බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති වාර්තාවේ සදහන් වෙනවා.

මෙකී සමීක්ෂණය 2022 වර්ෂයේදී නොපැවැත්වීම නිසා  බලධාරීන්ට ශ්‍රි ලංකාව පිළිබඳ සංඛ්‍යාලේඛන ලබාගැනිමේදී ලෝක බැංකු වාර්තාවේ සංඛ්‍යාලේඛන මත රඳා පැවතීමට සිදුවී ඇති බවද මෙකි වාර්තාවේ සදහන් වෙනවා.

ආර්ථික අර්බූදය තුළ ප්‍රතිපත්ති සම්පාදනය, දරිද්‍රතා විශ්ලේෂණය, සමාජ ආර්ථික සැලසුම්කරණය සදහා  ගෘහ ඒකක හා ආදායම් වියදම් සමික්ෂණය ඉතා වැදගත් වෙනවා.

මේ නිසා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගෘහ ඒකක ආදායම් වියදම් සමික්ෂණය වහාම පැවැත්විය යුතු බවට මෙකී කමිටුව මඟින් නිර්දේශකර තිබෙනවා.

ගෘහ ඒකක ආදායම් හා වියදම් සමික්ෂණය අවසන් වරට පවත්වා තිබෙන්නේ 2019 වර්ෂයේදීයි.

ගාල්ල – ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: