hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 04, ප.ව. 6:52



කවර බාධක පැමිණිය ද ‍අධ්‍යාපන පද්ධතිය තුළ විය යුතු වැඩකටයුතු කල් දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු‍ අංශ සමග මනා සම්බන්ධිකරණයක් පවත්වාගනිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 2024 වර්ෂය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවීමට යෝජිත වැඩසටහන්, ඉදිරි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ, සැලසුම් සහ සංවර්ධන ක්‍රියාමාර්ග සම්බන්ධව සියලු‍ අංශ ප්‍රධානීන් සමග කරුණු සාකච්ඡා කිරීමේ විශේෂ හමුවකදීයි.

එම හමුව අද (04) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා.

එළඹෙන සති දෙකක කාල පරිච්ඡේදය තුළ සෑම පාසලක ම දෙමව්පියන් සමග පන්ති කව පැවැත්වීම සම්බන්ධව නව චක්‍රලේඛ නිකුත් කිරීම, ගුරු සංවර්ධන වැඩසටහන් සහ සෙසු මානව සම්පත් සංවර්ධන සැලැස්ම සම්පාදනය, පූර්ව ළමා අවධි සංවර්ධිත වැඩසටහන සඳහා පළාත්, කලාප සහ කොට්ඨාස පදනමින් පුහුණුකරුවන් පුහුණු කිරීම ඇතුළු කාරණාවල ප්‍රගතිය ද එහිදි ඉදිරිපත් කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: