hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 15, පෙ.ව. 12:04



ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට සියලු ම පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුවා.

සියලු ම ආණ්ඩුකාරවරුන් එළඹෙන හෙට (16) හමුවී මෙම තීරණය දැනුම් දෙන බව ද ඇමැතිවරයා සඳහන් කළා.

එසේම ජීවතුන් අතර සිටින කිසිවකුගේ නමක් මින් ඉදිරියට පාසල්වලට නොයොදන ලෙසට එහිදී උපදෙස් දෙන බව ද හෙතෙම සඳහන් කර සිටියා.

පාසල් ආදි ශිෂ්‍ය සංගම්වල ඉල්ලීම අනුව පසුගිය කාලයේදී දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් ජීවත්ව සිටියදී පාසල්වලට නම් යොදා තිබෙන බව පැවසූ ඇමතිවරයා මින් ඉදිරියට එය සිදුකිරීමට ඉඩ නොදෙන බව ත්, ඒ සඳහා අවශ්‍ය නීති ගෙන එන බ වත් ප්‍රකාශ කළා.

මේ අතර, දේශපාලනඥයන් පාසල්වලට ගොස් ආධාර ලබා දෙන මුවාවෙන් සිදු කරන දේශපාලන කතා නතර කිරීමට පියවර ගන්නා බව ද ප්‍රේම්ජයන්ත මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: