hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 04, පෙ.ව. 10:46



සුවසැරිය ගිලන්රථ සේවාව ඊයේ රාත්‍රී 8.00 සිට සිය මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම හදිසි ගිලන්රථ සේවාව දිවයින පුරා සුපුරුදු පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, එහි සේවාවන් අත්හිටුවීමේ කිසිදු සූදානමක් නොමැති බවයි.

සේවකයන් පිරිසක් විසින් ඇතැම් ගැටලු සහ ඉල්ලීම් කිහිපයක් මතුකර තිබුණද, එමඟින් ගිලන්රථ ජාලයේ ක්‍රියාකාරීත්වයට හෝ මහජනතාවට සපයනු ලබන හදිසි වෛද්‍ය සේවාවන්ට කිසිදු බාධාවක් සිදුනොවන බව ද ඔවුහු වැඩිදුරටත් පැහැදිලි කරති.

නිල නොවන සහ තහවුරු නොකළ වාර්තාවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බලධාරීහු, වෙනදා මෙන් ම සුවසැරිය සේවාව (1990) අඛණ්ඩව භාවිත කරන ලෙස දන්වා සිටිති.