hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 02, ප.ව. 1:20



වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් බදු අංක සඳහා ලියාපදිංචි කරවීම මේ වනවිට ආරම්භ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අදාළ අයදුම්පත තම වෙබ් අඩවියට පිවිසීමෙන් පිරවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් 1,200,000කට වැඩි ආදායමක් ලබන ඕනෑම පුද්ගලයෙකු බදු ගොනුවක් විවෘත කළ යුතු වනවා.

වසරක අප්‍රේල් මස පළමුවැනිදා සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා වන කාලයයි තක්සේරු වර්ෂයක් ලෙස සැලකෙන්නේ.

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් ලබා නොගතහොත් රුපියල් 50,000ක දඩයකට යටත් කෙරෙන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙලෙස ලියාපදිංචිය ලබා නොගන්නා පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරන බවටයි වාර්තා වන්නේ.

https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: