hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 24, පෙ.ව. 12:32



ලක්ෂ දොළහකට Vitz මෝටර් රථයක් ලබාදීමට පැමිණි ආණ්ඩුව ත්‍රී රෝද රථයක් රුපියල් ලක්ෂ විස්සක් දක්වා මිල ඉහල නංවා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීන් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

එතරම් මුදලක් දී ත්‍රීරෝද රථයක් මිලදී ගන්නා අයෙකුට ‘අපි මාලිමාවට’ යන ස්ටිකරය ලබා දෙනු ඇති බවද ඔහු පැවසුවේය.

අද වන විට වර්තමාන ආණ්ඩුවට එදා කියූ කිසිවක් කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව රටේ පොදු මහජනතාව පවා පවසමින් ඇති බවද හෙතෙම කියා සිටී.

කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: