hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 24, පෙ.ව. 11:54



තෝරාගත් විෂයන් කිහිපයක් සඳහා ගුරුවරු 5,500ක් අලුතින් බඳවා ගැනීමට මේ වනවිට ගැසට් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා සඳහා එම ගුරු පත්වීම් ලබාදීමට නියමිතව ඇත.

මේ අතර 22,000ක් උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මාස 9ක් පුරා පෙත්සම් විභාගය පවත්වා අවසන් බවත් එහි තීන්දුව ලබන සතියේ ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

නමුත් ඒ පිරිස මේ වනවිටත් පාසල්වල සිටින බැවින් ගුරු පුරප්පාඩු ලෙස පවතින 40,000ක ප්‍රමාණයෙන් අදාළ පිරිස ඉවත් කළ යුතු බව ද පැවසුවා.

ඊට අමතරව ගුරු පත්වීම් 13,500ක් ලබාදීමට පළාත් සභා සියල්ල මේ වනවිට කටයුතු සිදුකර ඇතත් ඒ සම්බන්ධයෙන් පවතින අධිකරණමය කටයුත්ත හේතුවෙන් එය ද ප්‍රමාද වී ඇති බව පැවසු අමාත්‍යවරයා අද දිනය තුළ ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලැබෙනු ඇති බව ද පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: