hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2024 පෙබරවාරි 11, පෙ.ව. 12:02



දෙමව්පියන්ගේ මුදලින් පන්තිභාර ගුරුවරුන්ට තෑගිබෝග ලබාදීම තහනම් කර චක්‍රලේඛයක් නිකුත් කර තිබියදීත් එය නොසලකා හැර කටයුතු කරන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, මෙලෙස දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගිබෝග ලබාදීම සිදුවන්නේ නම් ඒ පිළිබඳව අදාළ පාසලේ විදුහල්පතිවරයා දැනුවත් විය යුතු බවයි.

එසේම මේ සම්බන්ධයෙන් තොරතුරු අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අමාත්‍යවරයා පැවසුවේ, දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබා ගැනීම සඳහා දෙමව්පියන්ට විශාල වියදමක් දැරීමට සිදුවන බැවින් ගුරුවරුන්ට තෑගි ලබාදීමත්, ගුරුවරුන් අදාළ තෑගි භාරගැනීමත් වරදක් වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: