hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2024 පෙබරවාරි 19, පෙ.ව. 11:51



කඩුගන්නාව ගිරාගම ගුරු විද්‍යාලයේ මොඩියුල මධ්‍යස්ථානයට පැමිණි ගුරුවරියක සාරිය ඇඳ නොසිටි බව පවසමින් එම ස්ථානයෙන් පළවා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මොඩියුල මධ්‍යස්ථානයේ ඊයේ (18) පැවැති ගුරුවරුන්ගේ සේවා උසස්වීම්වලට අදාළ කාර්යක්ෂමතා කඩඉම් සපුරා ගැනීම සඳහා එම ගුරුවරිය පැමිණ තිබෙනවා.

එහිදී සාරිය ඇඳ නොසිටි බව පවසමින් මොඩියුල මධ්‍යස්ථානයේ කළමනාකරු ගුරුවරියට එම ස්ථානයෙන් පිටවන ලෙස දන්වා ඇති අතර අනතුරුව ඒ සම්බන්ධයෙන් ගුරුවරිය කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලි කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: