2024 නොවැම්‍බර් 26, පෙ.ව. 11:18
ගුරුවරුන් වෙනුවෙන් ගුරු සභාවක් ඇති කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වෙනවා.
සියලු ගුරුවරුන් මෙම සභාවේ ලියාපදිංචි විය යුතු වන අතර ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, වැටුප් පිළිබඳ තීරණ ගැනීම ඇතුළු අවශ්‍යතා නිර්ණය කිරීම ද මෙම සභාවට පැවරෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වෙතත් ස්වාධීන මණ්ඩලයක් ලෙස ක්‍රියාත්මක වන මෙම සභාවේ සංයුතිය මෙතෙක් තීරණය කර නොමැති අතර ඉදිරි මාස දෙක ඇතුළත මෙම සභාව පත් කිරීමට නියමිත බව සඳහන්.
වසර ගණනක් තිස්සේ පැවැති ගුරු වැටුප් විෂමතා ගණනය කර ඉන් තුනෙන් එක් කොටසක් ගුරුවරුන්ට මේ වන විට ලබා දී තිබෙන අතර ඉතිරි තුනෙන් දෙකක කොටස මෙම ගුරු සභාව පිහිටුවීමෙන් පසු ලබා දීමට නියමිතය.
එමෙන්ම විෂමතා ඉවත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබන මාර්තු මාසයේ දී සම්මත කර ගැනෙන අයවැය යෝජනාවලියට ඇතුළත් කෙරේ.
මෙම ගුරු සභාව පිහිටුවීමට සූදානම් වන්නේ 1994 වසරේ දී සකස් කරන ලද ගුරු සේවා ව්‍යවස්ථාව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.
2026 ජූනි 18, ප.ව. 6:36
2026 ජූනි 18, ප.ව. 6:34
2026 ජූනි 18, ප.ව. 1:59
2026 ජූනි 18, ප.ව. 1:52
2026 ජූනි 18, ප.ව. 12:33
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26