hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 ජූලි 26, පෙ.ව. 10:48



උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශය පැවසුවේ, ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබුණු බවයි.

ඒ අනුව උසස් පෙළ ගණිතය හා විද්‍යාව විශය ධාරා සඳහාත් විදේශීය භාෂා විෂයන් සඳහාත්, තාක්ෂණික විෂය ධාරාව සඳහාත් ගුරුවරුන් බඳවා ගැණෙනු ඇති.

පළාත් මට්ටමින් මේ යටතේ බඳවා ගැණෙන පිරිස 5450 කි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, අවුරුදු 35 ට අඩු ගුරු ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරා ඇති උපධිදාරීන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකි බවයි.

විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: