hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 24, ප.ව. 1:23



අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ උපාධිධාරී ගුරු සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.

ගණිත, විද්‍යා සහ තාක්ෂණ ගුරුවරුන් 5,400ක් බඳවා ගැනීමට මේ වනවිටත් පළාත් සභා සඳහා අවස්ථාව දී ඇති බව ද ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ ගුරුසේවයේ විශ්‍රාම ගිය සහ සේවය හැරගිය පිරිස් හේතුවෙන් ඇති වී ඇති පුරප්පාඩු පිරවීමට අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් පළාත් සභා සඳහා බලය ලබාදෙන බවයි.

එසේම ගුරු පුරප්පාඩු 32,000ක් පමණ ඇති බවත් එම පුරප්පාඩු පිරවීමට විවිධ බාධක මතු ව ඇති බවත් ඔහු සඳහන් කළා.